මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිමය ලේඛන ලබාදීමේ ජංගම සේවය මාතලේදී

    පෙබරවාරි 08, 2019

    මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට නීතිමය ලේඛන තම මව් භාෂාවෙන් ලබාදීමේ ජංගම සේවයක් මාතලේ හින්දු ජාතික විද්‍යාලයේදී පෙබරවාරි 10 දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 පැවැත්වේ.

    ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම ජංගම සේවය පවත්වනු ලබයි. උප්පැන්න සහතිකය ඇතුළු විවිධ ලියකියවිලි තමන්ගේ මව්භාෂාවෙන් ලබාදීම, උප්පැන්න සහතිකවල ඇති වැරදි නිවැරදි කරදීම, උප්පැන්න සහතිකවල පිටපත් ලබාදීම, උප්පැන්න සහතික නොමැති අයට අනුමාන සහතික නිකුත් කිරීම, ජාතික හැදුනුම්පත් ලබාගැනීමට අවශ්‍ය මුලික කටයුතු සිදුකරදීම, ඉඩම් පිලිබද ඇති ගැටළුවලට සහය ලබාදීම, විවිධ කාරණා සම්බන්ධයෙන් නීති ආධාර කොමිෂම මගින් නීති ආධාර ලබාදීම, මුලික අයිතිවාසිකම් පිළිබද ගැටළු විසදීම, විශ්‍රාම වැටුප්, ජල විදුලිය සම්බන්ධ ගැටලු විසදීම ඇතුළු සේවාවන් රැසක් ජංගම සේවය තුළින් ලබාදීමට සැලසුම් කොටතිබේ.

    රාජ භාෂ දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව , උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව,  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, සේවක අර්ථ සාධක අරමුදල් කාර්යාංශ., විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය , ශ්‍රි ලංකා මහ බැංකුව, නීති ආධාර කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, ජල සම්පාදන මණ්ඩලය,  මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, මාතලේ නගර සභාව ඇතුළු ආයතන රැසක් මෙම ජංගම සේවය සදහා සහභාගි වීමට නියමිතය. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    File Photo

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya