අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාස්තිය, දූෂණය හා අවභාවිතය නතර කළොත් අයවැයෙන් 25%ක් ඉතිරි කරගත හැකියි - රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති

    පෙබරවාරි 07, 2019

    රාජ්‍ය සේවයේ සිදුවන නාස්තිය, දූෂණය හා සම්පත් අවභාවිතය නතරගත හැකිනම් රජයේ වාර්ෂික අයවැයෙන් වෙන් කෙරෙන මුදල්වලින් 25%ක් ඉතිරි කරගත හැකි බව  රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

    රජයේ මුදල්වලින් 40%ක් අවභාවිතයට ලක්වන බව පසුගියදා කථානායකතුමාද පෙන්වා දී තිබූ බවත් මේ තත්ත්වයන් නැති කර ගැනීමට පුළුවන් වුවහොත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ආ හැකි බවත් විගණකාධිපත්වරයා පැවසුවේ ‘ජාතික විගණන පනත’ පිළිබදව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හා ඒ යටතේ ආයතනවල කාර්ය මණ්ඩල දැනුවත්කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැති සම්මන්ත්‍රණයකදීය.

    විගණන පනතක අවශ්‍යතාව මුලින්ම ප්‍රකාශ වි ඇත්තේ 1958 දී පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ වාර්තාවකිනි. එතැන් සිට ඒ සදහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් නොයෙකුත් බාධා හේතුවෙන් එය 2018 වර්ෂය දක්වාම ප්‍රමාද විය. එහෙත් 2018 දී ශක්තිමත් විගණන පනතක් සම්මත වී ඇතැයිද සභාපතිවරයා මෙහිදී පැවසීය.

    මෙය හුදෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සදහා වූ පනතක් නොවේ. ඒ තුළින් රජයේ මූල්‍ය විනය හා මූල්‍ය වගවීම පිළිබදව ඉතා ශක්තිමත් පදනමක් දමා තිබේ. රජයේ සේවකයින් ශක්තිමත් කොට ඔවුන් ආරක්ෂා කිරීමට මෙන්ම පරිසරය සංරක්ෂණය කිරීම සදහා රාජ්‍ය අංශයේ කාර්ය භාරය ශක්තිමත් කිරීමටත් මෙම පනත මගින් ප්‍රතිපාදන රැසක් සලසා තිබෙන බවද ගාමිණී විජේසිංහ මහතා තවදුරටත් සදහන් කළේය.

    දැන් ක්‍රියාත්මක කොට ඇති 2018 අංක 19 දරන ජාතික විගණන පනත මගින් විගණන සේවා කොමිෂන් සභාවක් පිහිටුවා ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුව අහෝසි කොට ජාතික විගණන කාර්යාලය පිහිටු වීමට පියවර ගෙන ඇති අතර විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ පවතින ශ්‍රී ලංකා විගණන සේවය හා විගණන පරීක්ෂණ සේවය අහෝසි කොට ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය නමින් නව සේවාවක් ඇරඹීමට විධිවිධා යොදා ඇති බව ද ඒ මහතා කිය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා පිළිගැනීමේ කතාව කරමින් ජාතික විගණන පනත පසුගිය වසරේ සම්මත කරගත හැකි වූයේ රජයේ යහපාලන සංකල්පය නිසා බව කීය. වර්තමාන අවශ්‍යතාවන්ට අනුව සකස් වී ඇති මෙම පනත රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මහත් සේ ඉවහල්වන බවද නාලක කලුවැව මහතා පැවසීය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය සහ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya