අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රයිගම්පුර හරිත කර්මාන්තපුරය හා තාක්ෂණික සංවර්ධන අධිකලාපයට අද මුල්ගල තැබේ

    පෙබරවාරි 07, 2019

    රයිගම්පුර හරිත කර්මාන්තපුරය හා තාක්ෂණික සංවර්ධන අධිකලාපයට මුල්ගල තැබීම අද (7) පෙ.ව.9.00 ට සිදු කිරීමට නියමිතය.

    මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අක්කර 200ක  භූමියක යෝජිත පරිසර හිතකාමී කර්මාන්ත කලාපය ඉදි  කෙරේ.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට්  නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතාගේ  ආරාධනයෙන් මුල්ගල තැබීමේ සමාරම්භක අවස්ථාවට  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා  සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහභාගී වීමට  නියමිතය.

    ගල්පාත,පාතකඩ,උඩුවර ප්‍රදේශ ආශ්‍රිතව දක්ෂිණ අධිවේගී  මාර්ගයේ ඉදිවෙමින් පවතින පැල්පොල පිවිසුම සමීපයේ මෙම  කර්මාන්ත කලාපය ඉදි වෙයි.මෙහි මූලික යටිතල පහසුකම්  වෙනුවෙන් රජයේ ආයෝජනය රුපියල් ලක්ෂ 8000කි.දෙස්  විදෙස් වෙළඳපොල ඉලක්ක ජය ගනිමින් දස දහසකට අධික සෘජු රැකියා මෙමඟින් උත්පාදනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya