අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් බැටකෑ ගොවි ජනතාවට පසුගිය වසරේදී රුපියල් කෝටී 390ක වියළි ආහාර සහනාධාර

    පෙබරවාරි 06, 2019

    දිවයිනේ දිස්ත්‍රික්ක 24ක පසුගිය වසරේ හටගෙන තිබූ දැඩි නියඟයෙන් පීඩා විඳි ගොවි පවුල් 736, 095ක් සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා රජය විසින් රුපියල් කෝටී 390 ක වියළි ආහාර සළාක සහනාධාර වශයෙන් ලබාදුන් බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    මේ හැර නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක වල ජනතාවට පානීය ජලය සැපයීම සඳහා 2018 වසරේ රුපියල් මිලියන 5.8 ක වියදමින් ජල ටැංකි 700 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් බෙදාදුන් බවද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති උත්සවයකදී ඇමතිවරයා කීය.

    චීන රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ලද ජල බවුසර් රථ 90ක් දිස්ත්‍රික්ක 25ක දිස්ත්‍රික් ලේකම්වරුන් අතර බෙදාදීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

    මෙහිදී තවදුරටත් කතා කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා චීනයේ සිදුකළ නිල සංචාරයේදී එරට රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ජලබවුසර් පරිත්‍යාගය ලැබුණු බවත් ඒ පිළිබඳව තමා ජනාධිපතිතුමාටත්, චීන රජයටත් ස්තුතිවන බවත් කීය.

    අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ද මෙහිදී කතා කළේය.

    මොණරාගල, අම්පාර, කලුතර, පුත්තලම, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 10 ක දිස්ත්‍රික් ලේකම්වරුන්ට සංකේතාත්මකව ජල බවුසර් පැවරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya