අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තෙත් බිම් දිනය- -සැමරුම් වැඩසටහනක් අම්බලන්තොට එක්කස්ස කඩොලාන සම්පත් මධ්‍යස්ථානයේදී

    පෙබරවාරි 02, 2019

    පෙබරවාරි 02 වන දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් අම්බලන්තොට එක්කස්ස කඩොලාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    මධ්‍යම පරිසර අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබුණි.මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හ/ මිරිජ්ජවිල මහා විද්‍යාලය,ලුණුගමිවෙහෙර හ/අභයපුර කනිෂ්ඨ විද්‍යාලය,කටුවන හ/තල්වත්ත අභිනව කනිෂ්ඨ විද්‍යාලය,වලස්මුල්ල හ/කැකිරිඕබඩ මහා විද්‍යාලය,හ/හුංගම විජයබා ජාතික පාසල වල පරිසර නියමු බට කණ්ඩායම් වල සිසු සිසුවියන් සහභාගිවූ අතර මේ සදහා කැදවා තිබුණේ දිස්ත්‍රික්කයේ පරිසර බට කණ්ඩායම් වල රජත පදක්කම් ලාභීන් වීම ද විශේෂත්වයකි.

    මෙවර තේමාව වන !!ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස!! යටතේ දැනුවත් කිරීම් දේශන කිහිපක් පැවැත්විණි. අනතුරුව එම දරුදැරියන් කඩොලාන පරිසරය නැරබීම සදහා එක්විය. එහිදී එම කඩොලාන පරිසර පදුධතිය පිළිබද දැනුම හා අවබෝධය මධ්‍යම පරිසර අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් අධ්‍යක්ෂ එන්.ජී.එල්.සමරතුංග මහතා සහ කඩොලාන සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් ලබාදුණි. අනතුරුව එම දරුවන් විසින් එම භූමියේදී කඩොලාන ශාක සිටුවීමේ වැඩ සටහනකටද එක්විය.

    මෙම අවස්ථාව සදහා මධ්‍යම පරිසර අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් අධ්‍යක්ෂ එන්.ජී.එල්.සමරතුංග මහතා හා පරිසර නිලධාරීන්, කඩොලාන සම්පත් මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී නන්දසිරි ගම්හේවා මහතා හා එම නිලධාරීන්,ඉහත පාසල් වල පරිසර ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

    (දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -හම්බන්තොට )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya