අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් පිළිකා මරණ දෙවන තැනට

    පෙබරවාරි 02, 2019

    ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පිළිකා පත් ව තිබේ. මෙම ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුව නිසා ශ්‍රි ලංකාවේ සිදුවන මරණවලින් දෙවන ස්ථානයට පත්වන්නේ පිළිකා රෝගය බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

    2018 වර්ෂයේ ලොව පුරා මිලියන 18.1ක් නව පිළිකා රෝගීන් හදුනා ගෙන ඇත. ඉදිරි වසර 20 තුළ ලෝකයේ වාර්ෂිකව හදුනා ගන්නා පිළිකා රෝගීන් මිලියන 29.5ක් දක්වා ඉහළට යන බව ලෝක පිළිකා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ ඊයේ(01) පැවැත්වුණු මාධ්‍ය සම්මන්ත්‍රණයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.

    වර්තමානය වන විට කාන්තාවන් අතර පියයුරු පිළිකා වැඩි වශයෙන් දැකගත හැකි අතර ගැබ්ගෙල පිළිකා දෙවන ස්ථානයට පත් වෙයි. පිරිමින් අතර මුඛ පිළිකා වැඩි වශයෙන් වාර්තා වෙයි. මෙම තත්ත්ව වළක්වා ගැනීමට ලංකාවේ සියලුම පළාත්වල හා සෑම දිස්ත්‍රික් රෝහලකම පිළිකා ප්‍රතිකාර ඒකක තිබෙන බව පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ජාතික පිළිකා වැඩසටහන සහ පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් සිදු කරන සුවනාරී සායන වලදී, සහන සත්කාර සේවාවන්වලදී පිළිකා තත්ත්ව හදුනාගෙන ඒවා මැඩලීමට සක්‍රීයව පියවර ගන්නා බවද ඒ මහතා තව දුරටත් කීය.

    ලංකාවේ දැනට පිළිකා වර්ධනය වීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි වුවත් මෙය ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. මෙම පිළිකා මර්දනය කිරීමට අදවන විට විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග විකිරණ මාර්ගයෙන් ප්‍රතිකාර ලබා දීමට හැකි වෛද්‍ය මධ්‍යස්ථාන තිබෙන අතර ඩිම්බ කෝෂ, ගැබ්ගෙල හා ගර්භාෂ ආශ්‍රිත ශෛල්‍යකර්ම නුවර,කරාපිටිය හා කොළඹ රෝහල් කිහිපයක සිදුවන බව පිළිකා පිළිබද විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම මස 04වන දා ජ්‍යාත්‍යන්තර පිළිකා දිනය සැමරෙන අතර 2019 සිට 2021 දක්වා වසර 03ක කාලයක් සදහා ලෝක පිලිකා දිනයේ තේමාව වන්නේ ‘මම ක්‍රියාත්මක වෙමි, අද මෙන්ම හෙටත්’ යන්නයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya