අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද යාත‍්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යය වෙත භාරදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    පෙබරවාරි 02, 2019

     දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අතිකරගත් එක`ගතාවන් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනපතිට සහතික වෙයි.

    ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද වෙරළ මුර යාත‍්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ(01) පස්වරුවේ කොළඹ, වරාය පරිශ‍්‍රයේ ශ‍්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශ්වික සබoතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සීෂෙල්ස් හි කළ රාජ්‍ය සංචාරයේ දී ලබා දුන් පොරොන්දුවක් අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදානයක් ලෙස මෙම නාවික යාත‍්‍රා සීෂේල්ස් රාජ්‍ය වෙත ලබාදීමට පියවර ගැනිණි.

    මෙම නාවික යාත‍්‍රා වැලිසර නාවික කoවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත‍්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපල :(Inshore Patrol Craft Construction Project) මගින් අන්තර්ජාතික ප‍්‍රමිතිය යටතේ නිෂ්පාදනය කර තිබෙන අතර, ශ‍්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සති 06ක් වැනි කෙටි කාලයක් තුළදී එම නිෂ්පාදන කටයුතු සිදු කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම තවත් මෙවන් යාත‍්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත කැමැත්ත පළ කර තිබේ.

    මෙම යාත‍්‍රා භාරදීමේ අවස්ථාව වෙනුවෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දිවයිනට පැමිණි අතර ජනාධිපතිතුමා විසින් යාත‍්‍රා භාරදීමට අදාළ ලිපි ලේඛන ඒ මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

    මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

    ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රඞ් මෙඩෙරික් මහතා ද,ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රියර් අද්මිරාල් ජගත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැුසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර සීෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා  (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂේල්ස් රාජ්‍ය සංචාරයේ දී ඇතිකරගත් එකතාවන් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබo මෙහි දී සාකච්ඡාවට ලක් වූ අතර සහෝදර රාජ්‍යයන් ලෙස දෙරටේම ජනතාවගේ සෞභාග්‍ය වෙනුවෙන් එම එකඟතාවන් ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව උප ජනාධිපතිවරයා සඳහන් කළේය. දෙරට අතර සංචාරක සහ වෙළෙඳ සබඳතා ඉහළ නංවා ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම සමස්ත ලෝකයටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ දී දෙරට අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබ`දව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මෙහි දී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ඉතා සුහදශීලී ලෙස පිළිගත් අතර, සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතාගේ සුබපැතුම් ද මෙහිදී උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya