අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කඩිනම් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා- මැතිවරණ කොමිසමේ සභාපති

    ජනවාරි 28, 2019

    පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් හැකි ඉක්මනින් අදාළ නිතී සංශෝධනය කිරීමට පියවර ගනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    අප්‍රේල් මාසය තුළ පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීති සම්මත කළොත් පළාත් සභා මැතිවරණ අගෝස්තු මාසයේදී පැවැත්වීමට හැකි බව ඒ මහතා පැවසුවේ රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවේ අද (28) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

     

    පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසය තුළ පැරණි මනාප ක්‍රමයට එම ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවද ඒ මහතා කීය.

     

    මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තිබෙන බැවින් පළාත් සභා මැතිවරණ්‍ය අගෝස්තු මාසයේදී පැවැත්වීම පහසුවක් වන බවද සඳහන් කළ මහින්ද දේශප්‍රිය මහතා, මේ වසරේ නොවැම්බර් 10 දාට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වුවහොත් තමා එදිනට පසු කොමිෂන් සභාවේ සභාපති ධූරයේ නොසිටින බවද පැවසීය.

     

    ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීම, පළාත් සභා මැතිවරණ හා ජනාධිපති මැතිවරණ පැවැත්වීම ද පළාත් පාලන ආයතනයන්හි සභික ධූරවල පවතින පුරප්පාඩු පිරවීම සහ  සර්ව ජන ඡන්ද බලය සුරකින දේශයක්”යන තේමාව යටතේ පුරවැසියන් දැනුවත් කිරීම, කොම්ෂන් සභාවේ 2019 වර්ෂයේ වැඩසටහන් අතර ප්‍රධාන තැනක් ගන්නා බවද කීය.

     

    මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් වන ජනාධිපති නීතීඥ නලින් අබේසේකර, මහාචාර්ය රාජන් හූල් සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්. එම්. මොහොමඩ් යන මහත්වරුන් ද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya