අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 22, 2019
    ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය, යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන කි්‍රයාත්මක වන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
    පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් දෙසීය හැට හතර දෙනෙකු වෙත ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය කෙරිණි.
    පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුථ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya