අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු ගඟ හා ගිං ගඟ වැලි ගොඩ දැමීම ක්‍රමවත්ව සිදු කරන්න සමීක්ෂණයක්

    ජනවාරි 19, 2019

    කළුතර කළු ගගේ පාරිසරික ගැටළු සොයා බලන සමීක්ෂණය කඩිනම් කරන්නැයි අමාත්‍ය පී.හැරිසන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස් දෙයි.

    කළු ගගෙහි ප්‍රධාන ජීවිකාව සිදු කරගෙන යනු ලබන වැලි ගොඩ දැමීමේ සංගම් අතර (17) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී නිසි ක්‍රමවේදයන්ට අනුව වැලි ගොඩ දැමීමේ බලපත්‍ර ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    දැනට කළු ගඟ යටතේ වැලි ගොඩ දැමීමේ බලපත්‍ර 350ක් පමණ සක්‍රීයව ක්‍රියාත්මක වන බවත්, සතියකට දින දෙකක්එක බලපත්‍රයක් සඳහා වැලි කියුබ් 25ක් ගොඩ දැමීමට බලපත්‍රය ලබා දුන්න ද එය ඉක්මවා ගොඩ දැමීමෙන් පාරිසරික හානි සිදු වීමට ඉඩ ඇති බව ද මේ මාසය තුළ වැලි ගොඩ දැමීමේ සමීක්ෂණයන් සඳහා වාරි ඉංජිනේරුවන් හා භූ විද්‍යා හා පතල් කැණීමේ නිලධාරීන් ද කඩිනමින් යොදවා සමීක්ෂණය අවසන් කරන ලෙස අමාත්‍යවරයා විසින් දැනුම් දෙන ලදී.

    කළු ගඟ යටතේ වැලි ප්‍රවාහනය වැලි ගොඩ දැමීම යටතේ පන්දහසක් පමණ සෘජු හා වක්‍ර රැකියාවන්හි නිරත වන බවත් , පමණ ඉක්මවා පාරිසරික හානි සිදු වන අයුරින් වැලි ගොඩ දැමීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා වැලි ගොඩ දැමීමේ සංගම් වලින් ඉල්ලීමක් කළේය.

    මාස තුනෙන් තුනට ලබා දෙන බලපත්‍ර අවුරුද්දක කාලසීමාවට සමීක්ෂණය අනුව දීර්ඝ කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.පාලනයකින් තොරව වැලි කැණීමෙන් පතුල ගැඹුරු වීම හේතුවෙන් කරදිය ගංඟා ජලයට මුසු වීමට ඉඩ ඇති බව ද, අනවසර වැලි කැණීම සිදු කරන්නන්ට නීතිමය පියවර ගැනීමට ද තමුන් පසුබට නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මීට අමතරව කැලණි ගගේ කොහිලවත්ත සිට හල්මුල්ල දක්වා කැලණි ගඟ ඛාදනය වීමෙන් මතුව ඇති පරිසර ගැටළුවට පිළියමක් ලෙස මිලියන 600ක මුදලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ගල් වැටියක් ඉදි කිරීමට ද කඩිනමින් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    කැලණි ගගේ අනවසර වැලි කැණීම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් කිත්සිරිමෙවන්ගල, කොහිලවත්ත හන්දිය,ගංගාතිලක විහාරස්ථානය අසල ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත නාන තොටුපල ඉදි කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍ය අජිත් පී. පෙරේරා,පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෝහන රාජ් යන මහත්වරු ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya