මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස (උ/පෙළ) විභාගයෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් බිහිවූ කලා අංශ ප්‍රථමයාට ජනපති අතින් මුදල් ත්‍යාග

    ජනවාරි 15, 2019

    මැදිරිගිරිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා පසුගිය වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූ අකිලා ඉෂානි විජේරත්න සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රුපියල් ලක්ෂ දහයක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීය.

    මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති රුවන් කුමාර, එම සිසුවියගේ පියා වන එච්.ආර්. විජේරත්න, මව වන කුමුදුනී පුෂ්පලතා යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෂිනී වාසනා සෙව්වන්දි සිසුවියගේ ද ඉදිරි අධ්‍යාපන සහ කලා කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රුපියල් ලක්ෂ හතක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීය.

    එම සිසුවිය විසින් හැඩතල හා වර්ණ යොදා ගනිමින් ඇඳි සිතුවමක් 2017 වසරේ දී උතුරු මැද පළාතේ විශිෂ්ට නිර්මාණයක් ලෙස තේරි පත්වීමෙන් පසු පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය ලබා දී තිබේ.

    මීට පෙරදී ද එම සිසුවියගේ ඉල්ලීමක් පරිදි එම පවුල වෙත රුපියල් ලක්ෂ 45 ක් වටිනා නව නිවසක් ද ජනාධිපතිතුමා විසින් ලබා දී තිබිණි.

    මේ අවස්ථාවට එම සිසුවියගේ පියා වන සුමිත් රෝහණ මහතා සහ මව වන ප්‍රියංගිකා කුමාරි මහත්මිය ද එක්ව සිටියහ

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya