අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹට දියර කිරි බෙදන මිනි බවුසර් පශු සම්පත් මණ්ඩලයෙන්

    ජනවාරි 15, 2019

    ජාතික පශු සම්පත් මණ්ඩලය හරහා මේ වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස දියර කිරි මිනි බවුසර් මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාව වෙත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පැවති මාණ්ඩලික නිලධාරී සාකච්ඡාවකදී පැවසීය.

    මෙම මිනි බවුසර් හරහා දැනට ඉන්දියාව වැනි රටවල ශීතකළ දියර කිරි සෞඛ්‍යාරක්ෂිතව ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා බෙදා හරින බවත්, අප රට තුළ පිටිකිරි භාවිතය අඩු කරමින් දේශීය කිරි ගොවියා නඟා සිටුවීමටත්, නැවුම්ව එදිනෙදා දොවාගන්නා කිරි මෙම බවුසර් හරහා ජනතාව වෙත ලබාදීමත් තම අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මේවන විට ජාතික පශු සම්පත් මණ්ඩලයේ පාඩු ලබන සත්ව ගොවිපල සඳහා නිසි ක්‍රමවේදයකින් යුතු සැලැස්මක් සකස් කොට ලාභ ලැබෙන ආකාරයෙන් දියුණු කළයුතු බවත් අමාත්‍යවරයා පවසයි.

    අනුරාධපුර සහ මොනරාගල සත්ව ආහාර නිෂ්පාදන සයිලේජ් නිෂ්පාදන මධ්‍යස්ථාන ඇති කරන බවත්, ගම් කුකුල් මස් සහ ඌරු මස් ප්‍රචලිත කිරීම උදෙසා හලාවත මාටින් සත්ව ගොවිපොලේ ඝාතකාගාරයක් ඇති කිරීමට සැලසුම් යොදා ඇති බව නිලධාරීන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

    කිරි ආශ්‍රිත නිෂ්පාදන ජනතාව වෙත හඳුන්වාදීමටත්, ගොවිපල් ඉදිරිපිට ගොවිපලෙහි නිෂ්පාදන කරනු ලබන ආහාර ද්‍රව්‍ය පශු සම්පත් මණ්ඩලයේ වෙළඳසැල් තුළින් පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු සිදු කළ යුතු බවත්, වටු බිත්තර සහ බැටළු මස් ඇතුළු ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරන නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීම පශු සම්පත් මණ්ඩලයේ වගකීමක් බව අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    මෙම අවස්ථාවට පශූ සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය සිරිල් මහතා, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එස් රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya