අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සම්භාව්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය පිරිවෙනයි-අස්ගිරි මහ පිරිවෙණේ පරිවෙණාධිපති

    ජනවාරි 11, 2019

    මෙරට සම්භාව්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැකි පිරිවෙන් අධ්‍යාපනය ඉදිරියටත් පවත්වාගෙන යෑම ඉතා වැදගත් බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි පරිවෙනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

    තව දුරටත් කරුණු දැක්වූ උන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය තුළින් රටේ භාෂා ශාස්ත්‍ර සහ සම්බුද්ධ ශාසනය මෙන්ම රට ජාතියට සිදු වන්නේ විශාල සේවයක් බව පෙන්වා දුන් අතර, එම කාර්යභාරය තව දුරටත් සිදු කරගෙන යෑම සදහා පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

    උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා අස්ගිරි මහ පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා උදෙසා අධ්‍යපන උපකරණ ලබා දිමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ දීය.

    රාජ්‍ය ව්‍යාවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වාර්ෂිකව මෙම අධ්‍යාපන උපකරණ පරිත්‍යගය සිදු කරන ලදි. අස්ගිරි මහ පිරිවෙනේ අධ්‍යාපනය ලබන ත්‍රෛයි නිකායික ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 400 වෙනුවෙන් මෙම අධ්‍යපන උපකරණ පරිත්‍යාගය සිදු කරන ලදි.

    මෙම අවස්ථාව සදහා මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු ආරාධිත පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya