අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    ජනවාරි 09, 2019

    රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අදාළ පනත් කෙටුම්පත විවාදයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    රසායනික අවි වැඩි දියුණු කිරීම,රැස් කිරීම,භාවිතය තහනම් කිරීම හා ඊට සම්බන්ධ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන පැනවීමේ පනතකි.ආරක්ෂක ලේකම් ඇතුළත් කොට පනත සම්මත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ අතර එයට අනුමැතිය ලබා දෙන ලදී.

    මේක කර්මාන්ත අමාත්‍යවරයා  යටතේ තිබුණේ. රසායනික අවි කර්මාන්ත විෂයක් නොවේ. එය ජතික  ආරක්ෂාවට බලපාන එකක්. අතිගරු ජනාධිපතිතුමා හා අදාළ නිලධාරීන් නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. රසායනික අවිවලට ලෝකයම විරුද්ධව ඉදිරිපත් වී තිබෙනවා. ලෝකයම රසයනික අවි ප්‍රතික්ෂේප කර  තිබෙනවා. පනතේ සංශෝධනය අනිවාර්යෙන් ම අවශ්‍යයි.සංශෝධනයට පර්ලිමේන්තුව එකඟ වෙයි කියලා  විශ්වාස කරනවා ''යයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya