අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟය මගහැරවීමට උපදෙස් -පිළිකා ඖෂධ ගුවනින් දිවයින

    දෙසැම්බර් 22, 2018

    රෝහල්වල පවතින ඖෂධ හිඟය කඩිනමින් විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳව නිලධාරීන් කැඳවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ ( 21)පස්වරුවේ පැවති සාකච්ඡවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප‍්‍රතිකාර ලබන රෝගින් සදහා අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 05ක හිඟයක් ඇතිබව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත. ඖෂධ හිඟය හේතුවෙන් රෝගින් ඇතුළත් කර ගැනීම ද අද ( 21 ) දින තාවකාලිකව අත්හිටුවා ඇත.

    මෙම අවශ්‍ය ඖෂධ වර්ග 05 ලබන සදුදා වන විට මහරගම අපේක්‍ෂා රෝහලට කඩිනමින් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගතසංස්ථා නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. මෙහිදි එක් පිළික ඖෂධයක අපේක්‍ෂිත ඇණවුමෙන් හදිසි රෝගයක් ගුවන් මගින් ගෙන්වා ගැනීමට තීරණය විය. තවත් එක් ඖෂධයක් දේශීය නියෝජිතයාගෙන් ලබාගෙන රෝහලට ලබා දිමට නියමිතය.

    සෙසු ඖෂධ වර්ග 05ක් හදිස්සි මිල දී ගැනීම් වලින් ලබා ගැනීමට තීන්දු විය.තවද පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත් වන සැපයුම් කරුවන් අසාදු ගත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට
    උපදෙස් ලබා දෙන ලදි.

     

    මහරගම අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගින්ට අවශ්‍ය තවත් ඖෂධ වර්ග 07ක හිඟයක් පවතින බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (වෛද්‍ය සැපයුම්) ලාල්පනාපිටිය මහතා මෙහිදී පැවසීය. එම ඖෂධ කඩිනමින් මිල දී ගෙන රෝහල් වලට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය වරයා උපදෙස් ලබා දෙන ලදීි. තවද දිවයින පුරා රෝහල් වල තවත් ඖෂධ වර්ග 71ක හිගයක් පවතින බව වෛද්‍ය ලාල්පනාපිටිය මහතා මෙහිදී පැවසීය. මෙම ඖෂධ වර්ග 71 කඩිනමින් මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වරයා උපදෙස් ලබා දෙන ලදී.

    හෘද රෝගීන්ගේ සැත්කම් සදහා භාවිත කරන බැවින් මාස 02ක තොගයක් පවතින බව මෙහි දී අනාවරණය විය. දොස්තර රාජිත සේනාරත්න මහතා ඔක්තොම්බර් 26ට පෙර සෞඛ්‍ය අමාත්‍ය ධූරය හොබවන කාලයේ ආනයනය කරන ලද අක්‍ෂි කාච ද මාස 06කට අවශ්‍ය තරම් තොග පවතින බව නිලධාරිහු ප‍්‍රකාශ කළහ. මාස 02කට ආසන්න කාලයක් ශ‍්‍රි ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම ඖෂධ හිඟය රෝහල් වල ඇති විය.එහි දී ඖෂධ ආනයනය නොකිරිම, මුදල් නොමැතීවීම නිසා මෙම ඖෂධ හිඟය ඇතිවුවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තම අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඖෂධ හිගය මගහැරවීමට අවශ්‍ය පියවර මේ අනුව ගන්නා ලදී.

    මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නියෝජනය කරමින් එහි නිලධාරින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya