අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඉදිරි වසර සදහා ජනතාවාදී වැඩපිළිවෙළක්”

    දෙසැම්බර් 18, 2018

    ඉදිරි වසරක කාලය තුළ රාජ්‍ය පාලනය කිරිම සදහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    කොළඹ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා - “ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය අද හිමි වුනා. දින 50 ක අරගලයකින් රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධූරයට පත් කෙරුනා. එකමුතුභාවයේ සටනක ප්‍රතිඵලයක් ලෙස මම එය හදුන්වනවා. මෙම ජන සටන තවම අවසන් නැහැ. අමාත්‍ය මණ්ඩලය පත් කර ජනතාවගේ යුතුකම් ඉටු කළ යුතුයි. ඉදිරි වසරක කාලය සදහා ජනතාවාදී වැඩපිළීවෙළක් ඉදිරිපත් කර අපි ජයග්‍රහණය කරනවා. ජනතා සේවාව වෙනුවෙන් අපි කැපවෙනවා. නව ආකර්ශණීය ජන ප්‍රසාදයකින් යුත් ආර්ථීක හා සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. වසර 2020 දී නව රජය පිහිටුවමින් එය වසර 2025 දක්වා අපි ගෙනයනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya