මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     ඒකීය රාජ්‍යයක් තුළ දේශපාලන විසඳුමකට එළඹෙනවා

    දෙසැම්බර් 18, 2018

    ඒකීය රාජ්‍යයක් තුළ හිඳිමින් සංහිඳියාව මුල් කර ගත් දේශපාලන විසඳුමකට එළැඹෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(17)  ගාලුමුවදොර පැවැති ජනබල මෙහෙයුම මහ ජනතා රැලියට සහභාගි වෙමිනි.

    ඉදිරි මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ තනියෙන් ඉදිරිපත් වී තුනෙන් දෙකක බලයක් ලබා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා ඒ සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යනුවෙන් අලුත් දේශපාලන සන්ධානයක් බිහි කරන බව පැවසීය.

    මිරිස් කුඩු ගහන සමාජයක් නොව නිදහස් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමටත් ව්‍යවස්ථාව, අධිකරණය සහ මුලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහාත් සඳහා සැමගේ සහයෝගය ලබා දෙන ලෙස අග්‍රමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වන බව කී අගමැතිවරයා,මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව යෝජනවාක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබූ බවද කුමන කාලයක මැතිවරණය පැවැත්විය යුතුදැයි සෑම පක්ෂයකින්ම විමසන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya