අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා පුහුණු වැඩසටහනක්- මෝදර රෝහලේ දී

    දෙසැම්බර් 17, 2018

    හදිසි ආපදා අවස්ථාවකදී රෝහලක කාර්යය මණ්ඩලය කටයතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මහමෝදර ශික්ෂණ රෝහලේදී ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධිකරණ ඒකකයේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

    මෙම පෙරහුරුව සඳහා මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 80 ක් පමණ සහභාගි වූ අතර ආපදා අවස්ථාවකදී හානිය අවම කර ගැනීමට කළ යුතු දේ සහ එහි අවශ්‍යතාවය මනාව අවබෝධ කරවමින් එබඳු අවස්ථාවක සාර්ථකව එයට මුහුණ දීමට අවශ්‍ය සාධක සියල්ල මෙම පෙරහුරුව මගින් අවබෝධ කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය .මහ මග සිදුවන හදිසි බස් රථ අනතුරක් නිරෑපණය කරමින් අදාල අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිම මෙහිදි සිදුවිය.

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ආපදා කළමණාකරණ සම්බන්ධිකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

    මාධ්‍ය ඒකකය -ගාල්ල

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya