අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආයෝජනයන් ප්‍රවර්ධනයට තාක්ෂණික දැනුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදිය යුතුයි- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

    දෙසැම්බර් 06, 2018

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයනය සඳහා විසිතුරු ශාක පැළ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික වැඩමුළුවක් පසුගිය දා පැවැත්විණි.

    ශ්‍රී ලංකාව අනාගතයේදී විසිතුරු පැල සපයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම දිගුකාලීන අරමුණයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික ශාක නිරෝධායන සේවාව‚ ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හා විසිතුරු පැළ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සහයෝගීත්වයෙන් අපනයනය සඳහා විසිතුරු පැළ නිෂ්පාදනය පිළිබඳ එක් දින තාක්ෂණික වැඩමුළුවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී 2018 දෙසැම්බර් 04 වන දින පවත්වන ලදි.


    මෙම වැඩමුළුවේ අරමුණ වූයේ විසිතුරු පැළ අපනයනය සඳහා නව ආයෝජන දිරිමත් කිරීම හා නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම යි. විසිතුරු පැළ හා පත්‍ර අපනයනකරුවන්, අපනයන විභවයක් සහිත පුද්ගලයන්, සැපයුම්කරුවන් වෙනුවෙන් වැඩමුළුව සංවිධානය කෙරිණි.

    මෙහිදී අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දේගමගේ මහත්මිය සදහන් කළේ ශ්‍රි ලංකාවේ ස්වභාවික පිහිටීම මෙම ක්ෂේත්‍රයේ වර්ධනයට ආශීර්වාදයක් බවයි. ඒ තුලින් අනාගතයේදී ශ්‍රී ලංකාව විසිතුරු පැල සපයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අරමුණ බවත් ඇය සදහන් කළා.


    ලෝකයේ ඉහළ ජීවන තත්වයන් වර්ධනය වීමත් සමඟම, පෞද්ගලික පරිහරණය සඳහා ස්වභාවික විසිතුරු පැළ මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට තිබේ. එසේම, ව්‍යාපාර ස්ථානවල, මංගල උත්සව සහ ගෘහස්ථ සැරසිලි සඳහා ස්වභාවික විසිතුරු පැළ යොදා ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරති. යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ස්වභාවික විසිතුරු පැළ යොදා ගනිමින් ගෘහ අලංකරණයට වර්තමානයේ ඉහල ප්‍රවණතාවයක් ඇත. එබැවින් ගෝලීය වෙළෙඳපොළ තුළ හොඳම තත්ත්වයේ විසිතුරු පැළ සඳහා ඉල්ලුමක් පවතී.


    විසිතුරු මල් හා පැළ කර්මාන්තය ඉහළ ආදායම් ලබන කෘෂි ව්‍යාපාරයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපයෝගී කරගත හැකිය. එසේම, ජාතික ආර්ථිකයට කාන්තා ශ්‍රම දායකත්වය ලබා ගැනීමට ඇති අවස්ථාවක් ලෙසද මෙම ක්ෂේත්‍රය හඳුනාගත හැකිය. මල් හා විසිතුරු ශාක අපනයනය කිරීමෙන් 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 16 ක් උපයා ඇත. නිෂ්පාදිතයෙන් 39% ක්ම සජීවී ශාක ලෙස අපනයනය වී ඇති අතර 60% ක් විසිතුරු පත්‍ර ලෙස අපනයනය වී ඇත. 2017 වසරේදී විසිතුරු පැළ නිෂ්පාදනය සඳහා ලෝක ඉල්ලුම ඩොලර් බිලියන 19 ක් පමණ වන අතර එයින් ශ්‍රී ලංකාවේ අපනයන දායකත්වය 0.17% කි.


    අපනයන වෙලඳපොල අරමුණු කරගන්නා ව්‍යාපාරයක අපනයන ප්‍රමිතියේ පවතින විසිතුරු ශාක හා පත්‍ර විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කිරීම කළ යුතුය. අපනයනය කිරීමට පෙර ආනයනය කරන රටවලට අනුව නීති හා රෙගුලාසි වලට අදාල ශාක නිරෝධායන සහතිකය ලබාගත යුතුය. වත්මන් නිෂ්පාදනය අපනයන සඳහා ප්‍රමාණාත්මක නොවන බැවින් නව ආයෝජනයන් ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික දැනුම ලබාදීමෙන් ශ්‍රී ලාංකිකයන් දිරිමත් කළ යුතු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇත. අපනයනය අරමුණු කරගත් විසිතුරු ශාක වගාවන් සඳහා ආයෝජනය කිරීමට කැමති සමාගම් සඳහා අවශ්‍ය දැනුම ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya