අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " දේශපාලන අර්බුදයට විසඳුම මහ මැතිවරණය නොවේ නම් සුදුසු විකල්පයක් දෙන්න''

    දෙසැම්බර් 05, 2018

    රටේ පවතින මෙම දේශපාලන අර්බුදය විසඳා ගත හැක්කේ මැතිවරණයක් පැවැත්වීම තුළින් පමණයි. මේ සඳහා වෙනත් විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන්න " යැයි ප්‍රජාත්‍රාන්තික එකමුතුවේ සම කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ධම්ම දිසානායක මහතා "ප්‍රජාත්‍රාන්තික එකමුතුව වන අපි කැමතියි මෙම ගැටළුව විසඳා ගැනීමට. අපි පෙනී සිටින්නේ මේ රටේ ජාතික අභිලාෂය වෙනුවෙනුයි.

    රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද තත්ත්වය තව තවත් උග්‍ර වනු මිස විසඳුමකට ළඟා නොවන බවක් පෙනී යන්නේ යැයිද මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් කෙන්යාව,සිම්බාබ්බේ,සෝමාලියාව වැනි අර්බුදකාරී රටක් බවට ශ්‍රී ලංකාව පත් වනු ඇතැයිද ඒ මහතා කීය.

    අප රටේ බොහෝ ව්‍යවස්ථාවන් සම්පාදනය වූයේ දේශපාලන අරමුණින් මිසක ජාතික අභිලාෂයකින් සම්පාදනය නොවූ බවත්, සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම නැවත සංශෝධනය විය යුතු බවත් පැවසූ ඒ මහතා වත්මන් දේශපාලන ආකෘතිය තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන බවත් මෙම තත්වය දීර්ඝ කාලීන පැවතුනහොත් ගුණාත්මක දේශපාලනය රටින් තුරන් වනු ඇති බවත්  ධම්ම දිසානායක මහතා  පවසා සිටියේ ය.

    ලංකා තරුණ සංවිධාන ජාලයේ කැඳවුම්කරු අරුණ ප්‍රදීප් කුමාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya