අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රදර්ශනය අද සිට 8 දා දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේදී

    දෙසැම්බර් 05, 2018

    ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 74 වැනි සැසිවාරයට සමගාමීව සංවිධානය කොට ඇති විද්‍යාතාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙසැම්බර් 5,6,7 සහ 8 දිනයන්හි කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යපීඨ පරිශ්‍රෙය්දී හා එහි පරිගණක පාසල් පරිශ්‍රයේදී පැවැත් වේ.

    පාසල් සිසින් සහ මහජනතාව සඳහා වන මෙම මහා ප්‍රදර්ශනය මගින් , ශ්‍රී ලංකාවට නිදහස ලැබී ගත වූ වසර 70 තුළ අප ලබා ඇති විද්‍ය හා තාක්ෂණ දියුණුව විදහා දැක්වෙන බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

     මෙම ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙන අතර එම කාලය තුළ නොමිලේ ග්‍රහලෝකාගාර ප්‍රදර්ශන,සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ,දුරේක්ෂ තුළින් සූර්යයා නිරීක්ෂණය, රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර , නාසා විද්‍යාඥයින් ඇතැම් විද්‍යාඥයින්ගේ විශේෂ දේශන සහ පොත් ප්‍රදර්ශනද සංවිධානය කොට ඇති බවද ඒ මහතා කීය.

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ජාතික විද්‍යා පදනම , ආතර් සී.ක්ලාක් , ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය කාර්මික් තාක්ෂණ ආයතනය , නැනෝ තාක්ෂණ හා කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන සහ කොළඹ විශ්ව විද්‍යලයේ භෞතික විද්‍ය, රසායන විද්‍ය, සත්ව විද්‍ය හා පාරිසරික විද්‍ය, ජ්‍යෛව විද්‍යා, න්‍යෂ්ටික විද්‍යා,උද්භිද විද්‍යා, ගණිත විද්‍යා අංශ සහ වෛද්‍ය විද්‍යා සහ පරගණක පාසල මගින් මෙහි ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යන බැවින් පාසල් සිසුන්ට මෙම ප්‍රදර්ශනය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති බවද මහාචාර්ය ජයරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya