අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පළාතේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දූදරුවන් 278ක් සදහා ලක්ෂ 68ක ශිෂ්‍යත්ව

    දෙසැම්බර් 03, 2018

    සබරගමුව පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 278 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 6,890,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

     කෑගල්ල, දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි.   ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    මෙහිදී කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක වල දරුවන් 278 දෙනෙකු ශිෂ්‍යත්ව ලබා ගැනීමට  සුදුසුකම් ලබා තිබූ අතර, මෙම අවස්ථාවේදී පිරිනමන ලද ශිෂ්‍යත්ව වටිනාකම රුපියල් හැට අට ලක්ෂ අනූ දහසකි. (රු.6,890,000.00)

    මෙහිදී 2017 වසරේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 70 දෙනෙකුද, 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් 179 දෙනෙකු හා 2016 වසරේ විශ්ව විද්‍යාල සමත් සිසුන් 29 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.

    2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිත අතර, මෙහි දෙවන අදියර දෙසැම්බර් 06 දින යාපනය ඥානම් ශාලාවේදී පැවැත්වේ.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුභසාධන) පී.පී.වීරසේකර, සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකරු ඩබ්.ලීලාරත්න හා කළමනාකරු (සුභසාධන) අනුර සූරියආරච්චි යන මහත්වරුන් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya