අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙදුම්වාදී වුවමනාවන් පරාජයට පත් කිරීමට මැතිවරණයකට යා යුතුයි - නීතිඥ සංවිධාන එකමුතුව

    දෙසැම්බර් 02, 2018

    රට අගතියට ගමන් කිරීම වළක්වාගැනීමට සහ රෝගී තත්ත්වයට පත් වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට මැතිවරණය නැමැති ඔක්සිජන් ලබාදිය යුතු බවත් බෙදුම්වාදී වුවමනාවන් පරාජයට පත් කිරීමට නම් අනිවාර්යෙන් ම මැතිවරණයකට යා යුතු බව නීතිඥ සංවිධාන එකමුතුව පවසයි.

     අද (2) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥවරු මෙසේ පැවසූහ

    නීතිඥ ආර්.මනෝජ් ගමගේ මහතා- කැඳවුම්කරු නීතිඥ සංවිධාන ජාතික එකමුතුව

    අර්බුදය පටන් ගත්ත තැන අප දැක්කා. එක්සත් ජාතික පක්ෂය අරලියගහ මන්දිරය අල්ලාගෙන  ඉන්නවා.ඩයස්පෝරාවට අවශ්‍ය දේ දෙන්නේ කවුද? රනිල්ව ගෙන්න මේ අයට අවශ්‍ය. කවුරුත් වෙන  අගමැතිවරයෙක් යෝජනා කරන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය. බෙදුම්වාදය අනුමත කරන නායකයෙක්  ටී.එන්.ඒ එකට අවශ්‍ය වෙලා.

     

    මාධ්‍ය හමුවට එක් වූ නීතිඥ භාෂිණී හෙට්ටි ආරච්චි මහත්මිය ආඳහස් දක්වමින් මෙසේ පැවසී ය. 

    අද ප්‍රජතන්ත්‍රවාදය ගැන බුද්ධිමත් සංවාදයක නිරත වෙනවා ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. දේශපාලඥයින්ට  ප්‍රජාතන්ත්‍රවාදයේ හෝඩි පොත කියවා දෙන්න වෙලා. රටේ ජනතාව වෙනුවෙන් වගකීමෙන් ද කටයුතු කරන්නේ.  මැතිවරණය මූලික අයිතියක්.අද එය සිදු වෙනවාද? එයට බියෙන් පලා යන දේශපාලඥයින් කොටසක් සමඟ  අපට ජීවත් වෙන්න සිදුව තිබෙන්නේ.ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වෙලා රට දේශපාලන රෝගියෙක් වෙලා. මැතිවරණය නැමැති ඔක්සිජන් මෙම රෝගියාට ලබාදිය යුතුයි. නැතිනම් රට අගතියට පත් වෙනවා යැයි  පැවසුවාය.

     ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංවිධානයේ ලේකම් නීතිඥ මධුරංග විජයරත්න මහතා ; වෙස් මුහුණු දාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලනවා. එන්.ජි.ඕ අයගෙන් වුවමනාවන් මොනවාද? මහජනතාව ඉදිරියට  ගිහින් සෘජුව මතය විමසිය යුතුයි.මුදලට විකිණෙන මන්ත්‍රීවරුන්ගේ ඔලුගෙඩිවලින් මහජන මතය බලන්න බෑ. ඩොලර්වලට කෑ ගහන්නේ තම මල්ල පුරවා ගන්නයි. මහමැතිවරණයකට යා යුතුයි. රටේ ස්ථාවර ආණ්ඩුවක්  හඳන්න ජනතාවගේ සහයෝගය ලබාදෙන්න.

    ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංවිධානය,යුක්තිය උදෙසා නීතීඥ එකමුතුව,නීතියේ ආධිපත්‍ය සුරැකීමේ නීතීඥ  සංවිධානය, මානව හිමිකම් සුරැකීමේ නීතිඥ එකමුතුව, අනුරාධපුර නීතිඥ සංවිධානය මෙම මාධ්‍ය හමුවට එක්ව  සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya