අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයට පොහොර හිඟයකින් තොරව ලබාදීමට පියවර

    දෙසැම්බර් 01, 2018

    2018 මහ කන්නය තුළ කිසිදු පොහොර හිඟයක් ඇති නොවීමට වගා බලා ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    2018 / 2019 මහ කන්නය මේ වනවිට ආරම්භ වී ඇති අතර කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 08ක් ඉක්මවූ කුඹුරු ප්‍රමාණයක් මෙවර වී වගාව සඳහා අස්වැද්දීමේ කටයුතු මේ වනවිට අරඹා ඇත.

    මෙවර මහ කන්නයේ පොහොර සහනාධාරය යටතේ ලබාදෙන සියලු පොහොර හිඟයකින් තොරව ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගත් දැනට පොහොර අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
    අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රගති සමාලෝචනය පැවැති අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    දැනට අවශ්‍ය කරන සියලුම පොහොර වර්ග ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම සතුව පවතින අතර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ඉල්ලීම පරිදි අවශ්‍ය තරම් පොහොර තොග බෙදා හැර ඇතැයි පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.

    මේ දිනවල අධික වර්ෂාවක් බොහෝ ප්‍රදේශවලට ලැබෙන බැවින් ඇතැම් ගොවීන්ට නැවත නැවතත් කුඹුරු අස්වැද්දීමට සිදුව තිබෙන නිසා එම ගොවීන්ට ද අපහසුවකින් තොරව පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, කිසිදු හිඟයකින් තොරව පොහොර බෙදා හැරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලෙධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙ.ටො 37,500 කි.එමෙන්ම ත්‍රිත්ව සුපිරි පොහොර (ඨ්Sඵ්) මෙ.ටො 1,50,000ක් වන අතර මියුරේට් ඔෆ් පොටෑෂ් (MOඵ්) මෙ.ටො 46,000කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya