අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී අලෙවි මණ්ඩලයේ “PMB Rice” සහල් නිෂ්පාදන අද එළිදකියි 

    නොවැම්බර් 29, 2018

    වී අලෙවි මණ්ඩලය විසින් අප රටේ පළමු වතාවට සහල් වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා සහල් නිපදවීමේ වැඩ පිළිවෙළට අවශ්‍ය පියවර ගෙන තිබේ.

    වී අලෙවි මණ්ඩලය විසින් අප රටේ ගොවීන්ගෙන් මිල දී ගන්නා වී තොග සහල් වශයෙන් සකස් කර
    වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩ පිළිවෙළක් වහාම සකසන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතාට දැනුම් දෙනු ලැබීය.

    ඒ අනුව වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොලට නිකුත් කිරීමේ කටයුතු අද (29) පෙරවරුවේ ආරම්භ කෙරේ. මෙම සහල්වල පළමු ඇසුරුම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත බාර දීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අද (29) සිදු කෙරේ.

    පළමු සහල් තොගය වශයෙන් සහල් කිලෝ 15,000ක් වෙළෙඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර දෙසැම්බර් මස අවසන් වීමට ප්‍රථම සහල් මෙ. ටොන් 4000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය විසින් කටයුතු යොදා තිබේ.

    “සියයට සියයක්ම දේශීයයි” යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙම සහල් සැකසීම වෙළෙඳපොලේ ඇති සහල් මිල පාලනය සඳහා ගත් පියවරක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර, පාරිභෝගිකයින්හට සහන මිලක් යටතේ හොඳම සහල් මිල දී ගැනීමට අවස්ථාව සැලසීමත්, ගොවි ජනතාවගේ වී සඳහා යහපත් මිලක් ලබාදීමත් මෙහි අරමුණ බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya