මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු රැස්වීමට යෑම ගැන ආණ්ඩු පක්ෂයේ තීරණය හෙට

    නොවැම්බර් 28, 2018

    පාර්ලිමේන්තු රැස්වීමට හෙට (29) දිනයේ සහභාගීවන්නේ ද යන්න පිළිබඳව හෙට දින උදේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩයම් රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇතැයි සම කබිනට් ප්‍රකාශක,අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

    එජාප මන්ත්‍රීවරුන් කීපදෙනෙකු විසින් පර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ කපා හැරීමේ යෝජනාව ව්‍යවස්ථාවට පටහනි එකක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ, අද (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දීය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
    19 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලය තිබෙනවා, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට සහ අමාත්‍ය මණ්ඩලය පත් කරන්නට. බොහොම පැහැදිළිව කියනවා, නීත්‍යණුකූල අමාත්‍ය මණ්ඩලය කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ බලතල කපලා රූකඩයක් කරන්න උත්සහ කළේ. එජාප පාක්ෂිකයන් දැනගෙනහිටියේ නෑ මේ විනාශය. හිටපු අගමැතිතුමා ව්‍යවස්ථාව සමඟ සෙල්ලම් කරන බව අපි දන්නවා. මෙයි සිදු වුණේ රට අරාජික තත්ත්වයට පත්වීම. ජනාධිපතිවරයාගේ පත් කිරීම වැරදි නම් අධිකරණයට යන්න, නිවැරැදිව විශ්වාසභංගය ගෙන්න කියන එකයි අප කියන්නේ. කතානායකවරයා වැඩ කරන්නේ එජාප පිරිසගේ හඬ අනුවයි. අපි කතානායකවරයා පිළිගන්නේ නෑ යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya