අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරිමට ඉහළ පෙලේ කමිටුවක්

    නොවැම්බර් 28, 2018

    රාජ්‍ය සංස්ථා හා සංස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන්ට පත් කෙරෙන සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් නිර්දේශ කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා අද(28) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දි පැවසීය.

    ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ඩබ්ලිව්.ජේ.එස් කරුණාරත්න මහතා සහ අගමැතිවරයාගේ නියෝජිතයින් දෙදෙනෙකු හා මුදල් අමාත්‍යෘංශ ලේකම් විසින් පත් කරනු ලබන නියෝජිතයින් දෙදෙනක් ද ඇතුළත්වන බව ඇමතිවරයා කිය.

    මෙම ආයතන වල අධ්‍යක්ෂක මණ්ඩල සඳහා නිළ බලයෙන් පත් වන සාමාජිකයින් හැර අනිකුත් පත් විම් සිදු කිරිමේ දි අමාත්‍ය මණ්ඩලය විසින් මිට පෙර අනුමත කර ඇති නිර්නායක පදනම් කර ගන්මින්, ශ්‍රි ලංකාවේ හෝ පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙක් විම හෝ පිළිගත් වෘත්තීය සුදුසුකම් හා අදාළ ක්ෂේත්‍රය දිර්ඝ වෘත්තීයමය පළපුරුද්ද සහිත පුද්ගයින් පත් කිරිමට මෙම කමිටුව නිර්දේශ කරනු ඇතැයි ද මහින්ද සමරසිංහ ඇමතිවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya