මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දී දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප්‍රධානත්වයෙන්.....

    නොවැම්බර් 26, 2018
    ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ  පුණ්‍ය මහෝත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (25) ඊයේ පෙරවරුවේ කොළඹ 07, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
    ගරු ජනාධිපතිතුමා කැප්පෙටිපොළ වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දක්වමින් පුණ්‍යාත්සවයට එක්වූ  අතර, ගරු ස්වාමීන් වහන්සේලා උදෙසා උදෑසන දානය පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක්විය.
    නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සිදුකළ අතර වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ සිදුකළහ.
    මහා සංඝරත්නය ද බුද්ධ ශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුඑ සැදැහැවතුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya