අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මසා නිමකළ ඇගලුම් නිෂ්පාදනය කෙරෙන නිදහස් වෙළඳ කලාප තුනක්

    නොවැම්බර් 26, 2018

    විශාල ලෙස රැකියා, ආදායම් මාර්ග ජනිත වෙන මසා නිමකළ ඇදුම්වල නිෂ්පාදනය කෙරෙන නිදහස් වෙළඳ  කලාප තුනක් කඩිනමින් පිහිටුවීම්ට පියවර ගන්නා බව ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    විදේශිකයන් විශාල ප්‍රමාණයක් එනවා, රටේ ප්‍රසිද්ධ වෙලඳ සැල්වලට ඇගළුම් මිල දී ගැනීමට. තායිලන්තයෙන්  බැංකොක්වලින් ඇදුම් ගෙනාවේ. නිමි ඇදුම් කර්මාන්තයේ යෙදෙන තුන් ලක්ෂයකට වඩා කාන්තාවන් පිරිසක්  ඉන්නවා.මහරගම පමුණුවට ගොස් බැලුවම ඒක පේනවා.වැඩිම මුදල් ගණුදෙණුවක් සිදුවන නගරයක්.

    මුළු රටම ඇගළුම් කලාපයක් කරන නීතිමය ප්‍රතිපාදන ඇතුළත් පනතක් ආර්. ප්‍රේමදස  ජනාධිපතිතුමාගේ පාලන කලයේ සම්මත වී තිබෙනවා. යෝජනා කරනවා. කටුනායක ගුවම්තොටුපල  ආශ්‍රීතව,මහරගම පාමුණුව, මීගොඩ පාදුක්ක ප්‍රදේශයේ නිදහස් වෙළඳ කලප තුනක් ආරම්භ කරන්න.  රට පුරා ප්‍රේමදස ජනාධිපතිතුමා ඇගලුම් කර්මාන්ත 200ක් ආරම්භ කළා. විශාල රැකියා ආදායම් මාර්ග ජනිත වෙන මසා නිමකළ ඇදුම්වල නිෂ්පාදනය කෙරෙන නිදහස් වෙළඳ කලාප තුනක් කඩිනමින් පිහිටුවීම්ට කටයුතු  කරනවා.මෙයින් විශාල දියුණුවක් මසා නිමකළ ඇදුම් ක්ෂේත්‍රයේ ඇති වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya