අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා වූ පරිගණක දත්ත පද්ධති සැලසුම් හා ක්‍රමලේඛණ පුහුණුව

    නොවැම්බර් 16, 2018

    තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා වූ පරිගණක දත්ත පද්ධති සැලසුම් හා ක්‍රමලේඛණ පුහුණු පාඨමාලාව (Database Design and Programming using SQL) සාර්ථකව අවසන් කර තිබේ.

     අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව හා “Oracle Cooperation Singapore Pvt Ltd (Oracle Academy)” එක්ව දිවයින පුරා ඇති පළාත් හා කලාප වල තෝරා ගත් පාසල් 200ක තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකොට පාසල් සිසුන් 10,000 කට අනාගතයේ තොරතුරු තාක්ෂණයට ප්‍රවිෂ්ඨවීමට උපකාරීවන අන්දමේ පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

    එහි මූලික පියවරක් ලෙස “JAVA FUNDAMENTAL” පරිගණක ක්‍රමලේඛන මූලික පුහුණු වැඩසටහනට කණ්ඩායම් 02ක් හා පරිගණක දත්ත පද්ධති පුහුණු වැඩසටහන (Database Foundation) පළමු කණ්ඩායම සඳහා පුහුණුව නිමකරන ලදී.

    මෙහි මූලික පාඨමාලා හදාර අවසන්වූ ගුරුභවතුන් සඳහා පරිගණක දත්ත පද්ධති සැලසුම් හා ක්‍රමලේඛණ (Database Design and Programming using SQL) නේවාසිකව පුහුණු වැඩ මුළුවක් 2018 – 10 - 29 සිට 2018. 11. 02 දක්වා (දින 05ක්) අධ්‍යාපන අමාත්‍යාංශය, පරිගණක විද්‍යාගාරයතුල පැවැත්විණ.

    මෙම වැඩසටහනෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික රිටේෂ් ජෙයින් (Ritesh Jain) මහතා සහභාගී වූ අතර පුහුණුලාභීන් වූ ගුරු භවතුන් සාර්ථකව පුහුණුව අවසන් කළ අතර ඔවුන්ට Oracle සහතිකලත් පුහුණුකරුවන් ලෙස සහතික පත්‍රයක්ද පිරිනමන ලදී. තවද මෙම ගුරුභවතුන් මගින් එම පාසල් වල සිසුන් ද පුහුණු කර ඔවුන්ට ද Oracle ආයතනයේ සහතික පත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya