අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ස්ථාවරයි - දේශීය න්‍යාය පත්‍රයක් තුළින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි

    නොවැම්බර් 08, 2018

    දේශීය න්‍යාය පත්‍රයක් තුළින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දිවයින පුරා කොස් පැල ලක්ෂ පහක් (5) රෝපණය කිරීමේ ජාතික උත්සවය අද (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය. එම උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මේ වැඩපිළිවෙල කිසි සේත් ආපස්සට යන්නේ නෑ. බොහෝ අය අද විවිධ ගණන් පෙන්වනවා. ගණන් හිලව් පිළිබඳ ප්‍රශ්නයක් නෑ. මේ රජය ස්ථාවරයි.

    රජය විසුරුවීමේ බලතල තිබෙනවා කියලා විශේෂඥයින් කියනවා. මා දන්නා තරමින් ජනාධිපතිතුමාවත්,අගමැතිතුමාවත් කිසිදු ආකරයක එවැනි සාකච්ඡාවක් සිදු කර නෑ. එහෙම අවශ්‍යතාවක් ඇතිවන්නේ නෑ. අපට අවශ්‍ය තරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. අපිට අවශ්‍ය ආණ්ඩු කරන එකයි. ඉදිරි කාල පරිච්ජේදය තුළ රටට යහපත්, රටට හිතකර බොහෝ වැඩකරන්න මේ නායකයෝ දෙන්නට තිබෙනවා. ඡන්දයකට යන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. පළාත්සභා මැතිවරණය තියන්න සියලු දෙනා එකඟතාවයකට ඇවිත් තිබෙනවා. ඒ මැතිවරණවල දී සිනාමුසු මුහුණින් ගිහිල්ලා ඡන්දය භාවිතා කරන්න පුළුවන්.

     

    මෙය බටහිර රටකට වුවමනා විදියට ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නොවෙයි. රටේ ජනතාවගේ අඳහස් පිළිබඳව සැලකිල්ලට ගෙන, ක්‍රියාත්මක වැඩපිළිවෙලකට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත්,මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. බලය පිළිබඳව විවිධ අයට විවිධ අඳහස් තිබෙන්න පුළුවන්. ජනාධිපතිතුමා මේ සියලු තීන්දු ගත්තේ ව්‍යාවස්ථාවට අනුවයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya