අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා කොස් පැල ලක්ෂ පහක් රෝපණය කිරීමේ ජාතික උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි ඇරඹේ

    නොවැම්බර් 08, 2018

    දිවයින පුරා කොස් පැල ලක්ෂ පහක් (5) රෝපණය කිරීමේ ජාතික උත්සවය අද (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා, රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ  නිලධාරීහු, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

    මේ අවස්ථාවේදී අමාත්‍යවරුන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී කොස්පැල රෝපණය කිරීමකට  එක්විය. තවද රජයේ නිලධාරී වෙත කොස්පැල බෙදා දීමට අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ''අපි වවලයි අපි කන්නේ'' කඩිනම් කෘෂිකර්ම සංවධන වැඩපිළිවෙල  යටතේ දිවයින පුරා කොස්පැල දස ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

    එහි එක් පියවරක් ලෙස කොස් පැල ලක්ෂ 05ක් දිවයින පුරා රෝපණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර  ඇත.

    කෘෂිකර්ම අමාත්‍යාංශය,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, හදබිම අධිකාරිය,ජාතික ආහාර ප්‍රවර්ධන  මණ්ඩලය,සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya