අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 05 ක් විවෘත නොකළ මිනුවන්ගොඩ රෝහලේ නව ශල්‍යාගාරය විවෘත කෙරේ

    ඔක්තෝබර් 23, 2018

    වසර 05 කට පෙර ඉදිකරන ලද මිනුවන්ගොඩ මුලික රෝහලේ නව ශල්‍යාගාරය කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මිනුවන්ගොඩ මුලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට (21) දින පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ද එක්ව සිටියහ.


    වසර 05 කට පෙර ඉදිකරන ලද මෙම රෝහලේ ශල්‍යාගාරය වෛද්‍යවරුන් නොමැතිවීම නිසා රෝගී සත්කාරක සේවාවන් සිදු නොකරන බව මෙහිදී හෙළිවීමත් සමග ඊට අවශ්‍ය ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්, නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක්, නිර්වින්දන වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. අනෙක් ශල්‍යාගාර සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, එක්ස් කිරණ ඒකකයක්, නව ගොඩනැගිල්ලක්, රසායනාගාරයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ නවීන ගිලන් රථයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු විය. තව ද මෙම රෝහලට ලක්ෂ 20 ක් වටිනා උපකරණ ද මෙහිදී පරිත්‍යාග කෙරුනි.


    මෙහිදී මාධ්‍යයට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා නව ගිලන් රථ 450 ක් දිවයින පුරා රෝහල්වලට බෙදාහරින බවයි. ඉන් ගිලන් රථ 20 ක් මේ වන විට බෙදාහැර ඇත. ලබන සතියේ දී තවත් ගිලන් රථ 50 ක් රෝහල්වලට බෙදාහැරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya