අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර

    ඔක්තෝබර් 22, 2018

    ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට  පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇත.

    ශ්‍රී ලංකා රේගු ආඥා පනත යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පවරා ඇති බලතල අනුව මේ සඳහා වන රෙගුගාසි පනවන ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා අත්සන් තබන ලදී. ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන මෙම නව රෙගුලාසි අනුව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය පමණක් නොව අපනයන කටයුතු මෙන්ම ප්‍රති අපනයනයද මෙම බන්දිත (Bonded)  ගුදම හරහා ක්‍රියාත්මක කළ හැකිය.

    ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපල සිට සාධාරණ දුර ප්‍රමාණයක් තුළ මෙන්ම භාණ්ඩ නිෂ්කාශනය කරන්නන් හට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක මෙම ගුදම පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත හැකිවේ. මේ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව වශයෙන් රු. ලක්ෂ 5 ක් අයකරනු ලැබේ.

    මේ අතර මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන, කිරි කර්මාන්ත හා කසළ කළමනාකරණය සඳහා වන ආයෝජන වලට අවශ්‍ය ආනයනික ප්‍රාග්ධන භාණ්ඩ සඳහා 2018 අයවැය මගින් යෝජනා කළ පරිදි එම භාණ්ඩ සඳහාද බන්දිත ගුදම් පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇති අතර, මෙම ප්‍රාග්ධන භාණ්ඩ සඳහා බදු නිදහස ද ලබාදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya