අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා නැහැ- සමහර වැදගත් සිංහල,ඉංග්‍රීසි පුවත්පත් මෙවැනි ප්‍රවෘත්ති පලකිරීම ගැන කණගාටු වෙනවා

    ඔක්තෝබර් 19, 2018

    බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට බවත් කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා නොමැති බවත් සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පලකිරීම ගැන ඉතාමත් කණගාටු වෙනවා යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, “ලක්දිරිය“ ව්‍යවසාය සංවර්ධන ණය යොජනා ක්‍රමය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය මුදල් හිමිවූ ව්‍යවසායකයින් පිරිසකට ණය මුදල් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

    ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයේදී ව්‍යවසායකයින් 428 දෙනෙකු වෙත රු.මිලි.128ක මුදලක් පිිරිනැමිනි. පසුගිය මාස 02 තුල ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් පමණක් ලක්දිරිය වැඩ සටහන යටතේ රු.මිලියන 315ක ණය මුදල් ලබා දී ඇත.

    එහිදී උත්සවය ඇමතූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.


    රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවෙත්, මහජන බැංකුවේත් අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කියලා ප්‍රවෘත්තියක් පල වුනා. ඒක අමූලික බොරුවක්. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා. අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා එතුමාගේ නිර්දේශ නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා. රටේ ප්‍රධානම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියලා හිතනවා. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පලකිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේවගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්. රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා.

    එළඹෙන අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදීමට රජය කටයුතු කරනවා. අයවැය කාරක සභා විවාද ආරම්භ වුනාම ඡන්ද විමසීමකිදී පුළුවන් නම් ආණ්ඩුව පරද්දන්න කියලා ආණ්ඩුව වැටෙයි කියලා බලාගෙන ඉන්න අයට මම අභියෝග කරනවා, කුමන්ත්‍රණ වැඩක් නෑ. කවුරු ආණ්ඩු කලත් පාර්ලිමේන්තුවේ බලය තියෙන්න ඕනේ. යහපාලන ආණ්ඩුවට ජනවරමක් තියෙනවා. ආණ්ඩුවේ බහුතරය අපි ආරක්ෂා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙකුත් එක්සත් ජාතික පක්ෂය සමඟ මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා. අපේ පක්ෂයේ පවුල්වාදය නෑ. පක්ෂයේ ඕනේ කෙනෙකුට නායකත්වය දක්වා යන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ තියෙන්නේ පවුල්වාදය. ඒ නිසා ඒ පැත්තේ සමහරු  කලකිරිලා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya