අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව පුරා තවත් ආදර්ශ ගම්මාන 50ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහයෝගය ලබාදෙයි

    ඔක්තෝබර් 14, 2018

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 600 ක මුල්‍ය ආධාර යටතේ ආදර්ශ ගම්මාන 50 ක් තුළ නිවාස 1200ක් ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.

     

    ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද සත්සුරුගම ආදර්ශ ගම්මානය ප්‍රතිලාභීන්ගේ අයිතියට පත් කිරීම සඳහා හම්බන්තොටදී පවත්වන ලද විශේෂ උත්සවයක් අතරතුර නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා හා නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් බර්නාර්ඩ් වසන්ත මහතා විසින් මෙම ගිවිසුම් අත්සන් කෙරිණ. ඉන්දියානු මහා කොමසරිස්තුමා විශේෂ අමුත්තෙක් ලෙස මෙම උත්සවයට සහභාගී විය.

    ආදර්ශ ගම්මාන 50ක් යටතේ ඉදිකරනු ලබන මෙම නිවාස 1200, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ඉදිකරනු ලබන නිවාස 1200 (ආදර්ශ ගම්මාන 50) ට අමතරව වේ. මේ අනුව ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සමඟින් ආදර්ශ ගම්මාන 100ක නිවාස 2400ක් ඉදිකිරීම සඳහා ඉන්දියාව සිය දායකත්වය ලබා දී ඇත. ඉන්දියානු මුල්‍ය ප්‍රදානයන් යටතේ හිමිකරු දායකත්වය සහිතව මෙම නිවාස ඉදි කරනු ලැබේ. නව අවබෝධතා ගිවිසුම් වලට අනුව දකුණු සහ උතුරු පළාත්හි නිවාස 600 බැගින් ඉදි කරනු ලැබේ. අඩු ආදායම්ලාභී, ඉඩම් හා නිවාස නොමැති පිරිස් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වශයෙන් ඉලක්ක කරගනු ඇත. සෑම ප්‍රතිලාභියෙකුටම ලක්ෂ 05 ක මුල්‍ය ප්‍රදානයක් නිවාස ඉදිකිරීමේ අදියරයන්ට අදාළව කොටස් වශයෙන් ලබා දෙනු ඇත.

    නිවාස ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය වීමට ඉන්දීය රජය දරන අඛණ්ඩ ප්‍රයත්නය මෙම ව්‍යාපෘතීන් තුලින් පිළිඹිබු වේ. සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ නිවාස 63000 ක් පමණ ඉදිකිරීමට ඉන්දියාව කැප වී සිටී. මුල්‍ය ප්‍රදානයන් යටතේ ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ ලබා දී ඇත. ඉන්දියාව මේ දක්වා ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ප‍්‍රමාණයක් ලබා දී ඇත. එයින් ඇමරිකානු ඩොලර් මිලියන 550ක් නැවත නොගෙවිය යුතු ප‍්‍රදානයන් වන අතර ඉතිරිය සහනදායි ණය ආධාර වේ. ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා මත පදනම්ව දිවයින පුරා සිය සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව සමග අත්වැල් බැද ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya