අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද සහාය ලබාගනිමින් අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර

    ඔක්තෝබර් 14, 2018

    විෂය මාලා සංශෝධනය කරමින්, විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදුකරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

     විෂය මාලා සංවර්ධන කටයුතු වෙනුවෙන් වගකීම් දරන ජාතික අධ්‍යාපන ආයතනය වෙත මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් මේ වනවිටත් ලබා දී ඇති බවත්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, අධ්‍යාපනඥයින් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් ලබාගත් අදහස්, යෝජනා, නිර්දේශ සහ උපදෙස් අනුව පාසල් විෂය මාලා සංශෝධන හා එක් එක් විෂය අන්තර්ගතයන්හි සිදුකළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේය

     බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ පැවති පසුගිය (11) වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. රටේ සියලු පාසල් පහසුකම් සපිරි පාසල්බවට පත්කරමින්, වඩාත් ගුණාත්මක ඉගෙනුම් අවස්ථා සියලු දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 250ක ප්‍රතිපාදනයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya