මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

    ඔක්තෝබර් 13, 2018

    හදිසි ආපදා තත්ත්වයක් තුල සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා වූ සැළසුම් ඇතුලත් වාර්තාව ප්‍රකාශයට පත් කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට නව උපකරණ ලබාදීමේ උත්සවයක් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

     2017 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 08 ක සෞඛ්‍ය ආයතන 90 කට දැඩි අලාභහානි සිදු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘති වාර්තාවකට අනුව USAID ආධාර මත එම සෞඛ්‍ය ආයතන වලට නව උපකරණ ලබාදීම සිදු කරන ලදි. හදිසි ආපදා තත්ත්වයක් තුල දී ක්‍රියා කල යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය සේවකයින් 250 කට පමණ පුහුණුවක් ද මෙහිදී ලබාදෙන ලදි.

    ජංගම සෞඛ්‍ය කදවුරු පවත්වමින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට පියවර ගැනුනි. නාය යෑම් පිළිබදව ද දැඩි අවධානය යොමු විය. ගංවතුරෙන් හානියට පත් සෞඛ්‍ය ආයතනවලට නව උපකරණ ලබාදීමට සහ සෞඛ්‍ය සේවකයින් පුහුණූ කිරීම සදහා USAID ආයතනය වැය කළ මුදල රුපියල් මිලියන 125 කි.

    හදිසි ආපදා තත්ත්වයක දී දිස්ත්‍රීක් මට්ටමින් ක්‍රියාකළ යුතු ආකාරය ඇතුලත් සැළසුම් සහිත වාර්තාවක් ද මෙහිදී වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට අවශ්‍ය නවීන උපකරණ ද මෙහිදී ලබාදෙන ලදි.

    සැටලයිට් දුරකථන ඉන් පුධාන වෙයි. ගෝලීය උණුසුම්කරණය හමුවේ පාරිසරික වෙනස්වීම් සිදු වන බැවින් හදිසි ආපදා ඉදිරියේ දී තර්ජනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇත. පාරිසරික වෙනස්වීම් හේතුවෙන් අධික වැසි ලැබීම් බහුලව දක්නට ලැබේ. හදිසි ආපදා තත්ත්වයක දී තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියි.

    මෙම අවස්ථාවට අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා ෆෙන්සේ මහත්මිය, USAID ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානි ඇලේනා ටැන්සි මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya