අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම වර්ජනයකට මුහුණ දීමට සූදානම් - මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලංගම අතිරේක බස්රථ සේවයට

    අගෝස්තු 16, 2018

    ඕනෑම වර්ජනයකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් පොදු මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය අතිරේක බස්රථ සේවයට එක්කර තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවාණාගාරයේ දී අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පෞද්ගලික බස්රථ ආරම්භකර තිබෙන වර්ජනය අඛණ්ඩව පවතින්නේ නම් ඒ සඳහා මුහුණදීමට රජය සූදානම් බවත් ය. ශ්‍රී ලංකාවේ පළාත් දෙකක හැර සියලු පළාත්වල සාමාන්‍ය පරිදි පෞද්ගලික බස්රථ ධාවන කටයුතු සිදුවන බවද අමාත්‍යවරයා පැවසී ය.

    බස්නාහිර සහ දකුණු පළාතේ සුළු වශයෙන් වර්ජනය ක්‍රියාත්මක වුවද රටේ සෙසු ප්‍රදේශයන්හි පෞද්ගලික බස්රථ ධාවන කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදුවන බවද ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මාර්ගයක, මතුගම, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙන්ම දකුණු පළාතේ ස්ථාන කිහිපයක බස්රථ වර්ජනය ක්‍රියාත්මක වන බවද පෙන්වා දුන්නේය.

    වර්ජනය කිරීමට අයිතියක් තිබූ නමුත් දේපළවලට හානි කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද බස් හිමියන් නොව සේවකයන් විසින් වර්ජනය ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    අයකරන දඩු මුදල් සම්බන්ධ කරගනිමින් මේ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බවත් දඬ මුදල සහ නීතිය ඉතාම සාධාරණ බවද අයවැය යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් නීතිය වෙනස් කරන්නේ නම් යළි පාර්ලිමේන්තුව විසින් සම්මත කළයුතු බවද පෙන්වා දුන්නේය.

    දඩ මුදල් අයකිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කළ බව කී අමාත්‍යවරයා, සියලු පාර්ශවයන්ගේ අඳහස් අනුව මේ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කළ බවද පසුගිය ජනවාරි මස 15 දා සිට ක්‍රියාත්මක වන මේ නීතියට විරුද්ධ වන්නේ අද බවද ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya