අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැර කාල සීමාව තුළ මස් මාංශ සහ සුරාසල් වැසේ

    අගෝස්තු 16, 2018

    2018 මහනුවර ඇසළ පෙරහැර ක්‍රියාත්මක වන කාල වකවානුව තුළ මස් මාංශ වෙළදසැල් සහ සුරාසල් වසා දැමීමට පෙරහැර සංවිධායක කමිටුව ඒකමතිකව තීරණය කොට ඇත.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පැවති පෙරහැර සංවිධාන කමිටුවේදී මෙම තීරණය ගෙන ති‍බේ.

    ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අගොස්තු 16 වැනි දින සිට පෙරහැර සමාප්ති උත්සවය පවත්වන කාල සීමා දක්වා (26 දක්වා) මහනුවර නගර සීමාව තුළ පවත්වාගෙන යන සියළු මස් කඩ වසා තැබෙනු ඇත. මහනුවර නගර සීමාවේ මාළු වෙළද සැල් ආගොස්තු 24 සිට 26 දක්වා වසා තැබේ. කප් සිටුවීම සිදු කළ අගෝස්තු 12 වැනිදා සිට මහනුවර නාගරික සීමාව තුළ වසා දැමීමට තීරණය කරන ලද සුරාසැල් නැවත විවෘත කරන්නේ අගොස්තු 26 වැනි දිනය.

    පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන්ගේ පාරිභෝගික අයිතින් ආරක්ෂා කර දීම සදහා පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශයක් යෙදවීමටද කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබද පැමිණිලි වෙතොත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිලි කළ හැකිය.

    පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගමනා ගමන මණ්ඩලය බස් රථ 700 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති අතර, පෞද්ගලික බස් රථ 400 ක් පමණ යෙදවීමට ප්‍රවාහන අධිකාරිය කටයුතු යොදා ඇති බවද කමිටුවේදී අනාවරණය විය. රන්දෝලි පෙරහැර ආරම්භ වීමත් සමග මාතලේ සහ නාවලපිටිය දක්වා අවශ්‍යතාවය අනුව දුම්රිය යෙදවීමට කටයුතු යොදන බවද මෙහිදී වැඩි දුරටත් අනාවරණය විය.

    2018 අගෝස්තු 12 වැනි දින කප් සිටුවීමත් සමග ආරම්භ කළ මහනුවර ඇසළ පෙරහැර 26 වැනි දින පැවැත්වෙන දවල් පෙරහැරින් පසු අවසන් වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya