අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ඉඩම් ගැටළුවලට පිළියම් යොදයි

    ඔක්තෝබර් 04, 2017

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම් වල දීර්ඝකාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ජිවත්වන ඉඩමට හිමිකමක් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටි ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරය බළන්ගොඩ, ඉඹුල්පේ, කහවත්ත, ඇලපාත, සහ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවර්ණය වන පරිදි දෙදිනක් පුරා  ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් සාර්ථකව පැවැත්විණ.

    එහිදී තමන්ට දීර්ඝකාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවති මෙම ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිසිටි ජනතාව මෙම වැඩසටහනට සිය කැමැත්ත පළකරමින් අත්උස්සා අමාත්‍ය වරයාගේ වැඩපිළිවලට උණුසුම් ප්‍රතිචාරයක් දැක් වූහ.

     එසේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම් වල දීර්ඝකාලයක් පුරා ජිවත්වූ පවුල් කිහිපයකට අදාල හිමිකම් ඔප්පු පිරි නැමීමද අමාත්‍යවරයා අතින් එදින සිදුවිය.

    අධිකරණ සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය,රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් දේශපාලන අධිකාරිය,ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති සම්පත්සුභසිංහ ආරච්චි මහතා ඇතුළු එම කොමිසමේ නිළධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියරය රත්නපුර, කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් පසුගිය මාසයේ පැවැත්විණ

    මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භවූ මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්තව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පවත්වා ජනතාවගේ මෙම නොවිසිදුණු ඉඩම් ගැටලුවට ඉකමනිනි විසදුම් ලබාදීමද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya