අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුදින ධීවර යාත්‍රා සඳහා රුපියල් මිලියන 78ක වියදමින් E- Log book ලබා දීමට සුදානම්

    ජූලි 20, 2017

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 78ක වියදමින් මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සදහා ලබා දෙන ටැබ් පරිගනක හෙවත් E- Log book ලබා දීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ යටතේ බහුදින ධීවර යාත්‍රා සදහා E- Log book 2328ක් ලබා දීමට නියමිතය. ජාත්‍යන්තර මුහු‍‍දේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී අන්තර් ජාතික නීතිය අනුව එක් එක් බහුදින ධීවර යාත්‍රාව විසින් අල්ලා ගනු ලබන මසුන් පිළිබද දත්ත පරිගනක ගත කළ යුතුය. එමෙන්ම ඒ පිළිබද තොරතුරු සෑම රටක්ම යුරෝපා සංගමයට ලබා දිය යුතු අතර එසේ කරන්නේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී බොහෝ රටවල් කළමණාකරණයකින් තොරව එම කටයුතු සිදු කිරීම වැළැක්වීම සදහාය. එමෙන්ම මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම මෙන්ම ඉවක් බවක් නැතිව සිදු කරන ධීවර කර්මාන්තයේ දී සිදුවන සම්පත් අවභාවිතය වළක්වාලීම සඳහා ය.

    මේ යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ මෙම ජාත්‍යන්තර ධීවර නීති පිළිපදින රටක් වශයෙන් අන්තර් ජාතික පිළිගැනීමට ලක්වීම අවශ්‍ය වේ. විශේෂයෙන් පසුගිය රජය සමයේ යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනය තහනම පනවනු ලැබුවේ ද එම අන්තර් ජාතික නීති ක්‍රියාත්මක කිරීමට එවකට පැවැති රජය පියවර නොගත් නිසාය.

    කෙසේ වුවද මෙම E- Log book භාවිතය සදහා යොදා ගන්නා මෘදුකාංග මේ වනවිට කොළඹවිශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් සකස් කර ඇති අතර ධීවර ප්‍රජාවට එම මෘදුකාංග භාවිතය හා E- Log book භාවිතය පිළිබද පුහුණුවක් ලබා දීමට ද සැලසුම් කර ඇත. මෙම E- Log book ධීවර ප්‍රජාව වෙත නොමිලේ බෙදා දීමට කටයුතු කරන අතර ඒවා ඉදිරි දිනෙක බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya