අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග මෝසම් තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන්න

    මැයි 25, 2017
    ඉදිරි කාලයේ දී දිවයින තුළ නිරිත දිග මෝසම සක්‍රීය වුවහොත් බොහෝ ප්‍රදේශයන් ආපදාවන්ට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලයි.
     
     නිරත දිග මෝසම සක්‍රීය වුවහොත් බොහෝ විට කළු, කැලණි, වළවේ, ගිං යන ප්‍රධාන ගංඟාවන් සහ මල්වතු, අත්තනගලු ඔය ආදී ප්‍රධාන ජල මූලාශ්‍ර මෙන්ම අතු ගංඟාවන් ආශ්‍රිත ව ආපදා තත්ත්වයක් ඇතිවේ යැයි බලාපොරොත්තු විය හැකි යැයි ද විශේෂයෙන් කළු, ගිං සහ වලවේ යන ගංඟා පිළිබඳව වැඩි අවදානයෙන් පසුවිය යුතු යැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. 
     
    අධික වර්ෂාව හේතුවෙන් දැනට නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශවල නායයෑම් ඇතිවීමට ඉඩකඩ පවතින නිසා නායයැම් අවදානය සහිත ප්‍රදේශවල ජනතාව පාරිසරික වෙනස්වීම ගැන අවදානය යොමුකළ යුතුය. එම ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණහොත් 117 දුරකථන අංකයෙන් විමසා ඒ පිළිබඳ වැඩිදුර දැනුවත් වන ලෙසත්, හදිසි අවස්ථාවකදී එම අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.
     
    මෙම වර්ෂාවත් සමඟ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ සඳහා ආරක්ෂක පියවර ලබා ගන්නා ලෙසත්, වර්ෂාව ඇතිවිටදී අධික සුළං තත්ත්වයක් ඇති වී ගස් කඩා වැටීම් වැනි අනතුරු සිදුවිය හැකි බැවින් ඒ සඳහා ද ආරක්ෂක පියවරයන් ලබා ගන්නා ලෙසත් වර්ෂාව නිසා ජලය අධිකවීම හේතුවෙන් කුඩා දරුවන් ගංවතුරේ ජල ක්‍රීඩාවල යෙදෙන අවස්ථාවලින් වැළකී සිටින ලෙසත් තවදුරටත් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya