අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා තද සුළං

    මැයි 20, 2017

    දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වන තරමක් තද සුළං  සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     වැසි ඇතිවන අවස්ථා වලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැක.

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

    ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya