අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

    දෙසැම්බර් 19, 2016

    දිවයිනේ පවතින වැසි තත්ත්වයේ යම් තරමක වැඩිවීමක් (විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල) අද (19) සහ ‍‍හෙට (20) දිනවල අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සමහර ස්ථානවලට, විශේෂයෙන් උතුරු, නැ‍ගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල, තරමක් තද වැසි (75 ම්ම් ට වැඩි) බලාපොරොත්තු විය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya