අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගම, නවතම වෙබ් අඩවිය හඳුන්වා දෙයි.

    ඔක්තෝබර් 12, 2016
    ශ්‍රීලංකන් ගුවන් සමාගම පාරිභෝගිකයන්ට උපරිම පහසුකම් සලසා දීමේ අරමුණින් www.srilankan.com වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂා  හඳුන්වාදෙන ලදී.
    ශ්‍රී ලංකාව පුරා ජනතාවට ගුවන් ගමන් පහසුකම් සැපයීමේ අරමුණින් නව අලෙවි ව්‍යාපාරයක් ලෙස “අපි සැබවින්ම ශ්‍රී ලාංකිකයි” යන තේමාව යටතේ මෙය සිදුකරනු ලබයි. 
     
    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ  ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර 37 ක් පුරා ශ්‍රී ලංකාවේ  ගුවන් මගීන් විශාල ප්‍රමාණයකට රටින් පිටතට යාමට සහ ඒමට කටයුතු යෙදූ බවත් ඉදිරියේදීත් එය ඉටු කිරීමට අවශ්‍ය සියලු සේවා ලබාදෙන බවයි. එසේම  සිය ප්‍රධාන ප්‍රමුඛතාවය ලබා දෙන්නේ  සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් අවශ්‍යතා සපුරාලීමට බව පෙන්වා දුන් ඒ මහතා වෙබ් අඩවියේ ජාතික භාෂා හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ  අතිශය සතුටට පත්වන බවද පැවසීය. 
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගම විශේෂිත නව අංග සහිත සිය වෙබ් අඩවිය වැඩිදියුණු කළ අංග රැසක් සහිතව 2016 අප්‍රේල් මාසයේ දී එළිදක්වන ලදී. අන්තර්ජාල තොරතුරු පරිපාලන ක්‍රියාවලියට පහසුකම් සපයමින් මෙම වෙබ් අඩවිය  තුළ ප්‍රංශ, ජර්මන් , ඉතාලි, අරාබි, ජපන්, චීන ( සාම්ප්‍රදායික සහ සරල ), භාෂා වලින් ද ක්‍රියාත්මක කර ගැනීමේ පහසුකම පවතී. එසේම බොහෝ රටවල් වල ඔවුන්ටම අදාළව ගුවන් ගමන් පිළිබඳ තොරතුරු සැපයීම සඳහා අන්තර්ජාල මුල්පිටුවක් පවතින අතරම එමගින් පාරිභෝගිකයින්ට වඩාත් ඉහළ සේවාවක් ලබාදීම බලාපොරොත්තු වෙයි. 
     
    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා සඳහන් කළේ  ජාතික ගුවන් සේවය විවිධාංග වූ ක්‍රම ඔස්සේ දිගින් දිගටම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට පහසුකම් සැපයීම සඳහා සේවාවන් පුළුල් කර ඇති බවයි. එසේම ඔවුන් ගුවන් සමාගමේ වෙබ් සේවා භාවිත කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අවස්ථාවකදී සිංහල හා දෙමළ භාෂා සක්‍රීය කර ඇති  වෙබ් අඩවිය ඔස්සේ අප පාරිභෝගිකයන්ට අමතර පහසුවක් සහ ඉතා නම්‍යශීලී සේවාවක් ලබා ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම සිංහල හා දෙමළ වෙබ් අඩවියට පරිගණක (desk top) , ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් ජංගම දුරකථන වැනි ඕනෑම උපාංගයන් ඔස්සේ පිවිසිය හැකි අතර  එහි ඉංග්‍රීසි වෙබ් අඩවියේ ඇති සියළුම විශේෂාංග අන්තර්ගතය. ඒ අතර ගනුදෙනුකරුවන්ට ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම මෙන්ම  පවතින ආසන වෙන්කරවාගැනීම් කළමනාකරණය , මාර්ගගතව අන්තර්ජාලයෙන් ආසන වෙන්කරවා ගැනීම , ආහාර පාන කලින් ඇණයුම් කිරීම ,ළමා සුරැකුම් සේවය වෙනුවෙන්  ගුවන් ගමන් වලදී විශේෂ සහයෝගය ලබාගැනීම , තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීම්, ගුවන් සේවයේ නිරන්තර පියාසර කරන්නන්ගේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් පිළිබඳ තොරතුරු, ඕනෑම ගුවන් ගමනක තොරතුරු ,කණ්ඩායම් ගුවන් ගමන් ආසන වෙන්කරවාගැනීම්  හා තවත් බොහෝ දේ දැනගැනීමේ හැකියාව පවතී. 
     
    මීට අමතරව වට්ටම් සහ ගනුදෙනු පිළිබඳ විස්තර, ගෝලීය සංචාරක වාසි , අමතර ගමන් මලු දීමනා,  හා අනෙකුත් ඇදහිය නොහැකි අවස්ථා, ආසන වැඩි දියුණු කිරීම ඇතුළු සියලු  තොරතුරු යාවත්කාලීන කර තිබේ. ශ්‍රීලංකන් හි විනෝදාස්වාදක පද්ධතිය, නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් , ශ්‍රීලංකන් හොලිඩේස් සහ තවත් බොහෝ විස්තර මෙමගින් ඉතා පහසුවෙන් ලබා ගත හැක.
    ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වශයෙන් රටවල් 48 ගමනාන්ත 100 දක්වා පියාසර කරනු ලබයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya