මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට ජපානයෙන් නවීන තාක්ෂණික යාත්‍රා

    ජූනි 21, 2016
     ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය උදෙසා ජපානයෙන් නවීන තාක්ෂණික යාත්‍රා ලබා ගැනීමට අවධානය යොමුවී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .  
    ප්‍රජා මුලික කලමනාකරණ වැඩපිළිවෙල යටතේ ජපන් තාක්ෂණයෙන් යුත් නවීන ධීවර යාත්‍රා ලාංකික ධීවර ජනතාව වෙත ලබා දීම දිලිප් වෙදආරච්චි මහතාගේ අදහසය.
     
    මේ පිළිබදව ජපන් විශේෂ නියෝජිත කණ්ඩායමක් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍යංශයෙදී පැවැත්විණ .
     
    එහිදී ජපන් නියෝජිතයින් කියා සිටියේ ලාංකික ධීවර ජනතාවට ජපන් තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා ලබා දීම පිළිබදව කටයුතු කරන බවය . ශ්‍රී ලාංකික ධීවරයා නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න ජපානය වෙත අපනයනය කිරීමේ  පහසුකම් සලසා දීම පිළිබදව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය .
     
    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමග තරඟකාරී මිල ගණන් යටතේ ධීවර ජනතාවගෙන් මත්ස්‍ය අස්වැන්න මිලදී ගතයුතු බව මෙහිදී අමාත්‍යවරයා ජපන් නියෝජිත කණ්ඩායමට පෙන්වා දුන්නේය .
     
    ඊට එකගත්වය පලකළ ඔවුහු ලාංකික ධීවර ජනතාවට වඩාත් පළදායි  ලෙසත් වැඩි ආදායමක් ධීවරයා වෙත ලැබෙන  ලෙසත්  එම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළේය .
     
    නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක භාවය රැකගැනීම සදහා අයිස් කුට්ටි වෙනුවට මුහුදු ජලයෙන් අයිස් පතුරු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණයද ලබා දීමට මෙම ජපන් නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වෙත කැමැත්ත පල කළේය . 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya