අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකරගනිමින් ආගමික උත්සව රැසක්

    ජූනි 19, 2016

    පොසොන් උදාව සමරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහසික ස්ථන කේන්ද්‍ර කරගනිමින් ආගමික උත්සව රැසක් සංවිධානය කර ඇත.

    පොළොන්නරුව සොළොස්මස්ථානය, දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය, සෝමවතිය රජමහා විහාරය, මැදිරිගිරිය වටදාගෙය යන ස්ථාන කේන්ද්‍රකරගනිමින් මෙම උත්සව සංවිධනය කෙරේ.

    පොළොන්නරුව ඓතිහාසික සප්ත මහා දළදා පෙරහැර පොසොන් පෝය දිනට පසු දින (20) රාත්‍රියේ ඓතිහාසික වටදා ගෙය අසළින් ආරම්භ කොට පොළොන්නරුව නගරයේ වීදි සංචාරය කරනු ලබයි.

    පොසොන් උදාවට  සමගාමීව අද (19) හෙට (20) සහ අනිද්දා (21) දිනවල සොළොස්මස්ථානය, පොළොන්නරුව නගරය සහ තෝපාවැව පාසල් ක්‍රීඩාංගනය කේන්ද්‍රකරගනිමින් පොසොන් කලාපයක් පැවැත්වෙයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම පොසොන් කලාපය සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පූර්ණ දායකත්වය සපයයි.මතින් තොර රටක් යන තේමාව යටතේ මෙවර පොසොන් කලාපය ක්‍රියාවට නැංවීම ද විශේෂත්වයයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර ද බණ්ඩාරනායක සේනානායක පොසොන් මහ බත් දන්සැල පොසොන් සමය පුරාවට පැවැත්වීමට පොළොන්නරුව බෞද්ධ සංගමය කටයුතු සළසා ඇත.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු වැව් ආශ්‍රිතව විශේෂ ජීවිතාරක්ෂක වැඩපිළිවෙලක් සකස්කොට ඇති බව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක මහතා මවසයි.එමෙන්ම දිය නෑමට  පමණක් නම් කර ඇති ස්ථානවලින් දිය නැම කරගන්නා ලෙසත් පරිසරය ආරක්ෂ කර ගැනීමට පොළොන්නරුවට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ල සිටින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

    උතුරුමැද පළාත් ප්‍රධාන අමත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතගේ ප්‍රධානත්වයෙන් පොසොන් උත්සව කමිටුව ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya