අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වන ලකුණු - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූනි 17, 2016

    ඉදිරි දින කිහිපයේ දී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වන  ලකුණු  තිබෙන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව අද (17) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර හා නිරිතදිග ‍ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ තරමක වර්ධනයක් සවස සිට (ජුනි 17 - 20)  අපේක්ෂා කෙරේ.

     

    දිවයින හරහා සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, දකුණු  පළාතේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැක. තවද, දිවයිනේ දකුණු ප්‍රදේශයේ අහස වළාකුලින් බරව පවතී.

     

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල විටින් විට වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිකුත් කර තිබෙන කාලගුණ අනවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya