මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගයේ වැඩිවීමක්- කණ්ඩයම් 526ක් ක්ෂේත්‍ර පරික්ෂාව අරඹයි- වෛද්‍ය පාලිත මහීපාල

    ජූනි 16, 2016

    ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම අද (16),හෙට (17) සහ අනිද්දා (18)යන දිනවල කණ්ඩායම් 526ක් යොදා ගනිමින් ක්‍රියාත්මක වන බවත් ඩෙංගු මර්දනයට බහුපාර්ශවික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


    බස්නාහිර,මහනුවර,පුත්තලම ප්‍රදේශවල ඩෙංගු රෝගයේ වර්ධනයක් තිබෙන බව කී වෛද්‍ය පාලිත මහීපාල මහතා,සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාශ 42ක් ආවරණය වන පරිදි කණ්ඩයම් 526ක් නිවස හා අනෙකුත් පරිශ්‍ර පරික්ෂා කිරීම් සිදු කරන බව කීය.


    ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්, පවුල් සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිවාස පරික්ෂා කිරීම් සඳහා පැමිණෙනු ඇති බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya